Saturday 23rd of May 2026

English Tamil
Advertiesment


ශ්‍රී ලංකා ආර්ථිකය ගැන ඇඟ කිළිපොලා යන භයානක වාර්තාවක් එළියට 


2026-05-21 1318

 

- එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් බරපතළ අනතුරු ඇඟවීමක් -

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2026 සඳහා ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහළ දමා තිබෙන අතර ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ මැද පෙරදිග අර්බුදය හේතුවෙන් උද්ධමන පීඩන නැවත ඉහළ යාම සහ ආර්ථික අවිනිශ්චිතතාව වැඩිවීම බව එම සංවිධානය පෙන්වා දෙයි. 

එක්සත් ජාතීන්ගේ “World Economic Situation and Prospects” මධ්‍ය වාර්ෂික යාවත්කාලීන වාර්තාවට අනුව, 2026 වසර සඳහා ගෝලීය දළ දේශීය නිෂ්පාදන වර්ධනය 2.5%ක් ලෙස පුරෝකථනය කර ඇති අතර, එම අගය 2025 වසරේ ඇස්තමේන්තුට සාපේක්ෂව 3.0% වර්ධනයට වඩා පහළ අගයකි. 

එමෙන්ම 2026 ජනවාරි මාසයේ පළ කළ පුරෝකථනයට වඩා ද ප්‍රතිශත අංකය 0.2කින් අඩු බව සඳහන් වන අතර 2027 වසරේදී ගෝලීය ආර්ථිකය 2.8%ක මට්ටමක් දක්වා සුළු ප්‍රකෘතියක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තව දුරටත් අවධාරණය කර සිටින්නේ, ශක්තිමත් ශ්‍රම වෙළෙඳපොළ, පාරිභෝගික ඉල්ලුමේ ස්ථාවරභාවය සහ කෘත්‍රිම බුද්ධිය පදනම් කර ගත් වෙළෙඳ සහ ආයෝජන වර්ධනය ආර්ථිකයට සහාය දෙනු ඇතැයි වාර්තාවේ සඳහන් වුවද, සමස්ත ගෝලීය ආර්ථික දැක්ම තව දුරටත් දුර්වල වෙමින් පවතින බවය. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ශක්ති ක්ෂේත්‍ර සමාගම්වලට වාසි ලැබී ඇති නමුත්, එම තත්වය ගෘහස්ථ සහ ව්‍යාපාරික පිරිවැය වැඩි කිරීමට හේතු වී බව ද එක්සත් ජාතීන් පෙන්වා දෙයි.

සංවර්ධිත රටවල උද්ධමනය 2025 වසරේ 2.6% සිට 2026 දී 2.9% දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල එම උද්ධමනය 4.2% සිට 5.2% දක්වා ඉහළ යා හැකි බව ද සඳහන් වේ.

පොහොර සැපයුම් බාධා වීම හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් කෘෂි අස්වැන්න පහළ වැටීමත් සමඟ ආහාර මිල තව දුරටත් ඉහළ යා හැකි බවට ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා සිටියි.

ගෝලීය මූල්‍ය වෙළෙඳ පොළ ස්ථාවරව පැවතුණද, උද්ධමන අපේක්ෂාවන් හේතුවෙන් කෙටි කාලීන බැඳුම්කර ලාභ අනුපාත ඉහළ ගොස් ඇත. වඩාත්ම දැඩි බලපෑමට ලක්ව ඇත්තේ බටහිර ආසියාව වන අතර, එහි ආර්ථික වර්ධනය 3.6% සිට 1.4% දක්වා පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ. යටිතල පහසුකම්, වෙළෙඳ සහ සංචාරක ක්ෂේත්‍රවලට සිදුව ඇති හානි ඊට ප්‍රධාන හේතු ලෙස දැක්වේ.

එක්සත් ජනපද ආර්ථිකය ශක්තිමත් ගෘහස්ථ ඉල්ලුම සහ තාක්ෂණික ආයෝජන හේතුවෙන් 2026 දී 2.0%ක වර්ධනයක් සමඟ සාපේක්ෂව ස්ථාවරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. යුරෝපය ආනයනික බලශක්තිය මත දැඩිව රඳා පැවතීම හේතුවෙන් වැඩි අවදානමකට මුහුණ දී සිටින අතර, යුරෝපා සංගමයේ වර්ධනය 1.5% සිට 1.1% දක්වාත්, බ්‍රිතාන්‍යයේ වර්ධනය 1.4% සිට 0.7% දක්වාත් පහළ යනු ඇතැයි වාර්තාව පෙන්වා දෙයි.

චීනයේ විවිධාංගීකෘත බලශක්ති පද්ධතිය, ප්‍රමාණවත් සංචිත සහ රජයේ සහාය හේතුවෙන් එරට ආර්ථිකය යම් ආරක්ෂාවක් ලබා ඇති අතර, එහි වර්ධනය 5.0% සිට 4.6% දක්වා මන්දගාමී වනු ඇතැයි සඳහන් වේ. ඉන්දියාවේ ආර්ථික වර්ධනය 7.5% සිට 6.4% දක්වා පහළ යා හැකි අතර, අප්‍රිකාවේ සාමාන්‍ය වර්ධනය 4.2% සිට 3.9% දක්වා සුළු වශයෙන් අඩුවනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කර ඇත.

Advertiesment